Sunday, November 29, 2009

ජීවිතය, මා ඔබෙන් ඉල්ලුවේ ආදරය පමණි . . . !


ජීවිතය . . .
මා ඔබෙන් ඉල්ලුවේ ආදරය පමණි . . .
මේ මිල මුදල් . . .
යාන වාහන . . .
නිවාස ඉඩම් . . .
කිසිවක් මට එපා . . .
මේ සියල්ල ඔබ ආපසු ගන්න . . .
අනේ ආදරය විතරක් මට දෙන්න . . .
මේ ජීවිත පිපාසයට . .
ඒ කිසිවකින් පලක් නොමැත . .
දැවෙන ආත්මයේ ගිනි . . .
ඒ කිසිවකින් නිවාලන්නේ නැති බව
නුඹ නොදන්නේද . . .
ඉකිලන ආත්මයේ විඩාව . . .
කිසිවකට දුරු කල නොහැකි බව නොදනීද . . .
ආදරයට හැර . . .
ජීවිතය . . .
මා ඔබෙන් ඉල්ලුවේ ආදරය පමණි . . .
අනේ . .
මා නුඹෙන් නොලැබුවේද එපමනි . . .

11 comments:

  1. හ්ම්...
    බොක්කටම වැදුනා...

    මක්කොරන්නද මචං ???

    ReplyDelete
  2. සමහර අයට නං "නොලැබෙන සියල්ල අතුරින්, ආදරයද තවත් එකක් පමණි..."!

    සිංහල බ්ලොගෝලයට සාදරයෙන් පිළිගන්නවා! දිගටම ලියමු!

    ReplyDelete
  3. @ .::පිස්සා::. !
    ඔව් මචං, ජීවිතෙන් අපි ඉල්ලන හැමදේම ලැබෙනවානම් ජීවිතේ මොන තරම් සුන්දර වෙයිද !
    ස්තූතියි මචං කමෙන්ට් එකට !

    ReplyDelete
  4. @ Supun Budhajeewa!
    නොලැබෙන දේවල් අතුරින් ආදරේ එකක් වුනාට,

    බලාපොරොත්තු වෙන ආදරේ නොලැබී වෙන මොනදේ ලැබුනත් වැඩක් තියෙනවාද මචං . . . !

    ස්තූතියි මචං කමෙන්ට් එකට !

    ReplyDelete
  5. ශාහ්.. නියමයි මචාන්..
    ඕකෙම අනිත් පැත්තත් තියෙනව නේ ද..
    අපිට ආදරේ ලැබිල අනිත් දේවල් අපිට නැතිවෙනකොට., ඒකත් දුකක් නේද..

    ReplyDelete
  6. @ ජනුක !
    මම හිතන්නේ නෑ මචං.

    ආදරේ ලැබෙනවානම් අනිත් මොන දේ උනත් නොලැබීම දරා ගන්න පුලුවන් කියලයි මම හිතන්නේ.

    මම එහෙම අය ඕන තරම් දැකලා තියෙනවා.

    ReplyDelete
  7. හ්ම්ම්.. ඔව් ඒක ඇත්ත..

    ReplyDelete
  8. * ආධ්‍යාත්මය මරලදාල භෞතිකත්වය පරමාදර්ශය කරගත්ත මිනිහෙක්ට නම් ඕක ඒහැටි දැනෙන එකක් නෑ.. ඇත්ත.නොලැබුනු දේවල් ගොඩක් මැද්දෙ ආදරේ තවත් එකක් විතරක් වුණත්, ලැබුණු හෝ නොලැබුණු කිසිම දෙයක් ආදරය කියන මානව අවශ්‍යතාවයට ආදේශකයක් වෙන්නෙ නෑ .. !!
    ස්තූතියි මචං කමෙන්ට් එකට. *

    ReplyDelete
  9. @Supun Sudaraka !
    ස්තූතියි !

    ReplyDelete
  10. @ Thilina Priyalal Koggalage!
    ස්තූතියි !

    ReplyDelete

අදහස්