
"සුදු නංගි"
"හ්හ්ම්ම්"
"අපිට හැමදාම මෙහෙමම ඉන්න තියෙනවානම්"
"එපා මනු මේ ලස්සන වෙලාවේ නොකෙරෙන දේවල් ගැන කියන්න. මට තව ටික වෙලාවක් ඔයාගේ පපුවේ උනුසුමට ඔලුව තියාගෙන ඉන්න ඉඩ දෙන්න මේ විදිහටම"
"තව ටික වෙලාවක්. . .?"
"ඔව් තව ටික වෙලාවක්. . . !"
"ඊට පස්සේ ඔයා යනවා. . . ?"
"යන්න වෙනවා රත්තරං. . . "
"යන්නම යනවා . . .?"
"මම වෙන මොනා කරන්නද සුද්දයියා . . ? දෙයියනේ මට ඒ දේ නොකර මැරෙන්න තියෙනවානම් . . . !"
"ඔයා මැරෙන්න එපා සුදු නංගී . . . ජීවත් වෙන්න. . . මැරෙන්න ඕන කියන කොටස මට දෙන්න මම කරන්නම්"
"අනේ . . ඔයාගේ අම්මගේ හිතට ගින්දරක් දෙන්න එපා සුද්දයියේ . . . පව් !"
"ඔයා යන්නම ගියාට පස්සේ මම කොහොමත් කඳට විතරක් පන තියෙන ආත්මය මැරුනු කෙනෙක් සුදු නංගී . . ඒ ආත්මයට ආයේ කවදාවත් පන එන්නේ නෑ "
"මේ ආත්මයේ මට ඔයාව මගේ ම කරගන්න බැරි උනත් මතු හැම ආත්මෙකම ඔයා මගේ ම වෙනවා නේද රත්තරං . . . "
"ඔව් සුද්දයියා සංසාරේ හැමදාම "
"යන්න කලින් එක පාරක් . . එකම එක පාරක් අර ඉස්සර හිනා වුනා වගේ මගේ ඇස් දෙකට එබිලා හිනා වෙන්න සුදු නංගි . . . එකම එක පාරක්"
"අනේ දෙයියනේ . . . ඔය අත් දෙකෙන්ම මගේ බෙල්ල හිර කරලා මරන්න මනු . . . මට ඔයාව දාලා යන්න දෙන්න එපා රත්තරං . . . ! ! "
. . . .
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . . . //
හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ . . . . . . //
. . . . .
ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී
මම මගේ සෙවනැල්ලෙන් මිදී . . //
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පා . . නේ . . . මඳ අඳුරේ . . .
හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ . . .
. . ..
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම් . . . //
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ .
හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ . . . . ///
. . . . .
ගායනය : වික්ටර් රත්නායක මහතා
මේ හද සසල කරන ශෝකී ගීතය අහන්න මෙන්න මෙතනින් යන්න
මේක මගේ ආසම ගීයක්.
කවුරු හරි හොයලා කියන්න පුළුවන්ද මේ ගීතයේ පද රචනයයි, සංගීත නිර්මාණයයි කාගෙද කියලා. ලොකු උදව්වක්
මචං මාරෙට දුක හිතෙනවා. ඇත්තටම කියනවනම් මටනම් ඇඬුනා.
ReplyDeleteමට මගේ අතීතය මතක් උනා මචන්. බැලුවම ආදරේ මොනතරම් වේදනාත්මකද ?
ශාහ්.. මාරයි.. මම වගේම තවත් පොරක්.. නියමයි මචාන්.. මෙහෙම ලියනකොට දුක මාරවිදියට අඩුවෙනවා..දිගටම ලියන්න..
ReplyDeleteලස්සන සිංදුවක්..කාලෙකින් ඇහුවේ..
ReplyDeleteමගේ කතාවමයි...
ReplyDeleteමගේ සුදු නංගි....අනේ....
පෙර හා පසු සටහන් කෙසේ වෙතත් මම මේ සිංදුවට නම් පුදුම ආසයි..!
ReplyDelete@සුදු මහත්තයා !
ReplyDeleteඔව් මචං ආදරේ හරිම වේදනාකාරීයි.
ඒත් කරුමේ කියන්නේ ඒක දැන දැනත් අපිට ආදරේ නොකර ඉන්න බැරිකමනේ !
@ජනුක !
ReplyDelete"ශාහ්.. මාරයි.. මම වගේම තවත් පොරක්"
අහන්නත් සතුටුයි !
එක දෙයක් මචං අපි ආදරෙන් මේ වේදනාව නොලැබුවානම්, අපි - මේ ඉන්න සංවේදී අපිම නොවෙන්න තිබුනා සමහර විට !!
@LG!
ReplyDeleteස්තූතියි මේ පැත්තේ ආවටත් !
සතුටුයි ඒ සින්දුව රසවින්දටත් !!
@ දසුන් මධුසංඛ වානගුරු!
ReplyDeleteඅපි හැමෝම එකම බෝට්ටුවේ වගේ නේද මචං !
දුක තමයි මොනා කරන්නද !!
@malee_msg!
ReplyDeleteමටත් මේ සින්දුව මහ පාරේ යද්දී ඇහුනත් එතනම ගල් වෙන්න පුලුවන් !
එච්චරටම සංවේදීයි, හද රිදවන සුළුයි, නෙත හඬවනසුළුයි !!
සංවේදී මනුසත් මල්ලී, 6-8 බීට් එකට ගුවන් යානා අනතුරැ ගැන, මිනී මැරැම් ගැන සින්දු තියන රටක හඳවතට දැනෙන මේ වගේ ලස්සන හරවත් ගීත අහන ඔයා ගැන සන්තෝෂයි. හැබැයි දුකට වුණත් සෙකන්ඩ් වෙන්ඩ එපා මල්ලි.
ReplyDeleteසමාවෙන්ඩ, Buddhika කියන පෝස්ට් එක මගේ. ප්‍රෝෆයිල් එක මාරැ වුණා.
ReplyDeleteමේක ලිව්වේ ප්‍රේමකීර්ති. සංගීතය නම් වික්ටර්ගෙමයි .
ReplyDelete