
"සුද්දයියා, ඔයා ඔතනම ඉන්න. මම මේ නියර දිගේ ටික දුරක් ගිහින් එන්නම් හොඳේ. හැබැයි මම ඇලට වැටෙයිද කියලා බලං ඉන්න ඕන හරිද ?"
"හරි, හැබැයි ගොඩක් දුර යන්න බෑ ඕං කලින්ම කිව්වා"
"ඔන්න එකයි දෙකායි තුනායි . . ."
"දෙයියනේ . . මේ අහසේ හෙමීට පාවෙන වලාකුළු වගේ නෙමෙයිද සුදු නංගිගේ දිගු කොන්ඩේ හුලඟේ පාවෙන්නේ . . "
"සුද් . දයි. . යෝ . . ඕ . . ඕ . . "
"මේ කෙල්ල කෑ ගහන හැටි. එහා කුඹුරේ වැඩ කරන අයටත් ඇහෙනවා . . අනේ මේ අහිංසකී මගේ හිතට දෙන එලිය වගේම අපේ ගෙදරටත් එලියක් දෙන්න කවදා එයිද . . . ? ඒක හීනයක් විතරක් වෙයිද . . ? "
"මං ආවා . . !"
"දන්නවාද නංගෝ වැඩක්"
"ම්හු"
"ඔයා නියර දිගේ යනකොට මේ හුලඟට වැනෙන ගොයම් ගස් වලයි . . ඔයාගේ ගමනෙයි කිසිම වෙනසක් පෙනුනේ නෑ. හරිම ලස්ස්නයි . . . හරියට තාලයට ගායනා කරන කවියක් වගේ"
"යන්න බොරු කියන්නේ නැතුව"
"ඔයා මගට ගිහින් හැරිලා බලපු වෙලාවේ . . ඔයාගේ ඇස් දෙකේ ආදරේ දැක්කාම මට හිතුනේ මාව සිහිනැතුව වැටෙයි කියලා"
"සුදු නංගී"
"හ්ම්ම්ම්"
"ඔය ඇස් දෙක වහගන්න . . මට ඔයාගේ ඔය රෝසපාට තොල් දෙක හෙමීට ඉඹින්න ඕන"
"ම්ම්හ්හ්හ්හ්"
"ඔයා හරිම සුන්දරයි සුදු . . . හරියට සුරංගනවියක් වගේ. . ."
. . . . . . . .. . . .
ඔයා මගේ සුරංගනා කතාවේ
ඔයා මගේ සුරංගනා කතාවේ
ලස්සන සුරංගනාවී
දසන් විදා සිනා නගන වෙලාවේ
හදවත සිසිල් කරාවී
. . .
කෙතේ ගොයම් ළතාවටයි සැලී ලෙළෙන්නේ
එසේ ඔයා ගමන් කරන්නේ
විදුලි කොටන ලෙස නෙත් සර හෙලන්නේ
මගේ හද සලිතව යන්නේ
. . . .
ඔයා මගේ සුරංගනා කතාවේ
ලස්සන සුරංගනාවී
දසන් විදා සිනා නගන වෙලාවේ
හදවත සිසිල් කරාවී
. . .
අහස් ගැබේ වලා රොදක් හෙමින් ඇදෙන්නේ
එසේ ඔබේ වරල ලෙළෙන්නේ
මගේ පැලට සහන් එලිය ගෙනෙන්නේ
සිරිදුව ලෙස ගැවසෙන්නේ
. . . .
ඔයා මගේ සුරංගනා කතාවේ
ලස්සන සුරංගනාවී
දසන් විදා සිනා නගන වෙලාවේ
හදවත සිසිල් කරාවී
. . . .
මේ සුන්දර ප්‍රේම ගීතය මෙතනින් අහන්න. මේක ගායනා කරන්නේ වර්නන් පෙරේරා මහතා. හැබැයි කලින් ගීතයේ වගේම මේ ගීතයේ සංගීතය පද රචනය කාගෙද කියල නම් මම දන්නේ නෑ.
ආදරයේ සුන්දර මතක සටහන් මේ ගීතය එක්ක නිරතුරුවම රැඳිලා තියෙන නිසා මට නම් මේ ගීතය වෙලාවකට හරිම හිත රිදවන ගීතයක් කියලත් හිතෙනවා
මරු හොඳයි ස්තූතියි
ReplyDeleteඅම්මෝ මචාන් නියමයි.. පොතක් ලියපන් පුලුවන්නම්..
ReplyDelete@කපිල.!
ReplyDelete"මරු හොඳයි ස්තූතියි"
එල එල . . ස්තූතියි කමෙන්ට් එකට මචං !!
@ජනුක!
ReplyDelete"පොතක් ලියපන් පුලුවන්නම්.."
අම්මෝ, එච්චර හරියක් කොහේ කරන්නද මචං.
. . .
සින්දුව ඇහුවාද???
කොහොමද ??
නියමයි නේද???
මගේ සුදූවත් මට මතක් උනා....
ReplyDelete