
අම්මයි අප්පච්ච්යි යාලු පවුල් දෙකක් සමඟ නාට්‍යයක් බලන්න යන්න. මාත් නාට්‍යය පිස්සෙක් වුනත් එයාලගේ සතුටු සමාගමට බාදාකරන්න අකමැති නිසා මුලින්ම මම කිව්වා ඒ නාට්‍යයට මම කැමති නෑ කියලා. (පස්සේ දවසක ගිහින් බලන්න ඕන)
"සුදු පුතා කෑම ෆ්‍රිජ් එකේ. මයික්‍රොවේව් එකේ දාලා රත් කරගෙන කන්න"
"අපි අද රෑ එන්නේ නෑ රුචිරා ආන්ටිලගේ ගෙදර පාර්ටි එකක්"
"රෑට ගේට්ටුව ලොක් කරන්න නිදා ගන්න කලින්"
"සෙනේ ගිටාර් එක කාර් එකට දාගත්තද??"
අම්මගේ කට මැෂින් එකක් වගේ . . .
"අප්පච්චී කන සාක්කුවේ දාගන්න ගානට බොන්න එපා හොඳේ . . හි හි හි" කාර් එක ස්ටාර්ට් කරන්න කලින් මම අප්පච්චිට කිව්වා.
"නෑ සුදු අද මම වයින් බෝතල් දෙකක් විතර බොනවා. එතකොට මෙයාට ගොඩක් බොන්න බෑනේ මාව බලාගන්න ඕන නිසා" අම්ම පැනලා දුන්නා.
හවස් වරුවම කම්පියුටර් ගේම්ස් ගහලා ෆිල්ම්ස් බලලා මාර කම්මැලියි. එලියට ආවේ කවදාවත් නිදහසේ ගෙදර ඉඳන් සිගරට් බොන්න බැරි එකේ වාඩුව අද නම් ගන්නවා කියලා හිතාගෙන.
ඉස්සරහ ගෙදර උඩ තට්ටුව අළුතෙන් ආපු පවුලේ පොඩි කෙලී - මට බැල්ම දාන හෝන්තුව - අම්මල යනවා දැකලාද කොහෙද අද බැල්කනි එකෙන් හෙල්ලෙන්නේ නෑ. වෙනදට මේ අටපට්ටම නිසා මට මගේ ආසම කකුල් ලොකු ෂෝර්ට්ස් ඇඳගෙන එලියට වෙලා පොතක් බලන්න අම්ම දෙන්නේ නෑ.
"හා හා ඕක ඇඳගෙන උඩට මොකුත් නැතුව එලියට යන්න එපා. අර ඉස්සරහා ගෙදර ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නවා. ඔයා ඕක ඇඳගෙන කකුල් කරට අරන් පුටුවේ ඉඳගත්තාම ගැජට් බැජට් ඔක්කෝම එලියේ."
අද දෙන්නම් ජම්බූ. එයාට පේන්න සිගරට් බිව්වාම එයා ෆුල් ඩිසපොයින්ට්නේ. මීට පස්සේ මට මගේ පාඩුවේ ඉන්න පුළුවන් වෙයි.
ඒත් අලල්පු ගෙදර රොයිටර් ආච්චී??? පුතාලා තුන්දෙනාම හොඳ බෙබේලා මම අම්මලා නැතිවෙලාවට කොකා කෝලා එකක් බොනවා දැක්කත් අම්මට කේලාම් කියනවා. නෑ මම කියනවා යාළුවෙක් ආවා ඌ තමයි බිව්වේ ඉතිං මම මොනා කරන්නද කියලා.
ටික වෙලාවකින් මම ගේට්ටුවෙන් එලියට ගියේ සිහිල් සුලං ටිකක් වදින්න කියලා. හැරිලා බලපු ගමන් දැක්ක දෙයින් මාව ෆ්‍රීස් වෙලා ගියා.
අළුත්ම ස්පොර්ට්ස් බයිසිකලේක ඩෙනිම් ත්‍රී ක්වාටර් එකකුයි බ්ලැක් ටී ෂර්ට් එකකුයි ඇඳලා කළුයි රතුයි කැප් එකක් දාපු ලස්සන කෙල්ලෙක් අපේ පාර දිගේ පා වෙනවා. කැප් එකේ පිටිපස්සේ හිලෙන් එලියට දාපු ස්ට්‍රේට් කරපු පිට මැදටත් වඩා පහලට වෙන්න තිබුනු කොන්ඩේ හුලඟේ යන්නේ හරියට හින්දි ෆිල්ම් එකක සීන් එකක වගේ.
ඇහිපිල්ලම් ගහන්නත් කලින් මෙන්න බොලේ බයික් එක මගේ ලඟ බ්‍රේක් ගැහුවා.
"අයියා මේ හරියේ චයිනීස් රෙස්ටෝරන්ට් එකක් තියෙනවාද??"
මට එක පාරට ම වචන එන්නෙත් නෑ.
"මේ . . . මේ . . මේ පාරේ කෙලින්ම කිලෝ මීටරයක් විතර ගියාම තියෙන හංදියේ එකක් තියෙනවා. ඒත් එකේ කෑම එච්චර හරි නෑ. හංදියෙන් මීටර් පන්සීයක් විතර වමට ගියාම එකක් තියෙනවා එකේ නම් කෑම නියමයි."
මුලින් තැටමුවාට පස්සේ ගොඩ දාගත්තා
"තෑන්ක්ස් අයියා" කෙල්ල ආපහු පියාඹලා ගියා.
ගේ ඇතුලට ගිහින් වතුර එකක් බිව්වා වුනත් මගේ හිත තියෙන්නේම අය කෙල්ල ආයේ මේ පාරෙන්ම කීයට එයිද කියන එකමයි. මගේ පොත් ගොඩෙන් පොතකුත් අරන් මම ආයෙත් ආවා ගේට්ටුවෙන් එලියට. (ගත්තු පොත මොකද්ද කියලා බලන්නත් බැරි වුනා) මට ඕන වුනේ ඒ රෝස මල ආයේ පාරක් දකින්න. අයිති කර ගන්න හරි තියා ගන්න ම කඩා ගන්න හරි නෙමෙයි. අර කවියෝ ලස්සන මල් දැකලා සුන්දරත්වය විඳිනවා වගේ දැකලා සතුටු වෙන්න විතරයි.
ගේට්ටුව ගාව ඉන්නවා ඉන්නවා එයා නෑ. මදුරුවෝ මගේ ලේ පයින්ට් ගනන් උරා බිව්වේ. උන් හිතුවද දන්නෙ නෑ මම මේ ලේ දන් දීමකට අවා කියලා. බයිසිකල් කාරයෝ 20ක් 30ක් විතර ගියා. දැන්නම් මගේ ඉවසීමේ සීමාව පැනලා. එයා ඒ පැත්තෙන්ම ආපහු යන්න ඇති. දැන් ඉඳලා බයිසිකල් හරියටම 5ක් ගැනලා පස් වෙනි එක ගිය ගමන් මම ගේ ඇතුලට යනවා. මොන මගුලටද මේ ලේ දන් දි දීරෝස මලක සුඳරත්වය විඳින්න කටබලියගෙන ඉන්නේ.
එකත් ගියා. චිඃ නාකි පප්පෙක්. දෙකත් ගියා හ්ම්ම් එක්සයිස් එකට බයිසිකල් පදින අන්කල් කෙනෙක්. දැං කරුවලත් වැටීගෙන එනවා. තුන හතර . . . අයියෝ . . . අද උදේ කාවද මම දැක්කේ. හෆොයි අර ඉස්සරහ ගෙදර ඉස්කුරුප්පුව. බඩුම තමයි. ඒලඟට එන එකා මොකෙක් වුනත් කමක් නෑ ගිය ගමන් මම යනවා. ඈත එනවා පේනවා ලා කළුවරේ මොකෙද්ද මංදා . . . .
කිරි අප්පට බල්ලො පැනපි. මෙන්න අර කෙල්ල . මම බලාපොරොත්තුව හිටපු රෝස මල. "ක්‍රාස්ස්ස්" ගැහුවා බ්‍රේක් පාරක් මාව දැක්කා විතරයි.
"අනේ තෑන්ක්ස් අයියා. අමාරු වුනේ නෑ හොයා ගන්න. ඒ වෙලාවේම හදලා දෙන නිසා ටිකක් වෙලා ඉන්න වුනා. අම්මලා බලාගෙන ඇති දැං. ඔයා මොකේ මේ එලියට වෙලා." ප්‍රකාශනයි. ප්‍රශ්නයි එකදිගට වැල වගේ.
"අම්මලා නාට්‍යයක් බලන්න ගියා. දවසම පොත් බැලුවා. මාර කම්මැලියි. හුලං ටිකක් වදින්නයි, කකුල් වල හිරි ඇරගන්නයි කියලා නිකම් එලියට අවා." හොඳ වෙලාවට අතේ පොතක් තිබුනේ
"අනේ මගේ ආසම පොතක් අරණකට පෙම්බැඳ. කාලෙකට කලින් ඉස්කෝලේ පුස්තකාලෙන් අරගෙන බැලුවේ. ආසයි ආයෙත් කියවන්න" එතකොටයි මම දැක්කේ මගේ අතේ තිබුනු පොත මොකද්ද කියලා.
"ඕන නම් ඔයා කියවලා ගෙනත් දෙන්න"
"ඔයා ට මාව විස්වාසද මම මේ පොත ආයේ ගෙනත් දෙයි කියලා. මම කොහෙද ඉන්නේ කියලාවත් ඔයා දන්නේ නෑ නේ"
"ඔයා මේක ආපහු ගෙනත් දුන්නේ නැති වුනොත් මම දන්නවා මට රුපියල් 350/-ක් පාඩු වුනා කියලා. ඒත් ඔයාට මිලකරන්න බැරි යාළුවෙක් වෙන්න පුළුවන් කෙනෙක් ව ඔයා නැති කරගත්තා. ඒ පාඩුව මගේ පාඩුවට වඩා ලොකුයිනේ ඒක නිසා පාඩු වුනේ ඔයාට නේ කියලා මම හිත හදා ගන්නවා"
ඊට දවස් තුනකට පස්සේ එයා පොත ආපහු ගෙනත් දුන්නා. මම අම්මටත් එයාව හඳුන්වලා දුන්නා. එයා තාරකා. මම නම දැන ගත්තෙත් දෙවෙනියට මුනගැහුනු දවසේ.
එදා ඉඳන් අපි හොඳ යාලුවෝ !!!
Hmmmm...
ReplyDeletegodak katha patan ganne ohomai.....
හොඳ ලිවිමේ හැකියාවක් තියෙනවා...දිගටම ලියන්න. අපෙන් සුබ පැතුම්...!
ReplyDeleteනියමයි මචං... දිගටම ලියන්න
ReplyDeleteහරි ෂෝක්..!
ReplyDeleteකොල්ලා බ්ලොග් වලට අලුත් උනාට උඹේ ලිවිල්ල නම් මරු. තව ලියන්න අපි ඉන්නව කියවන්න...!
ReplyDeleteකමෙන්ට් කරපු හැම දෙනාටම ගොඩාක් ස්තූතියි.
ReplyDelete