Thursday, December 10, 2009

හිමි නැති පෙමකට . .


"ඒයි - ඒයි . . . නිරූ"
"අහ්. . රෝහිත්"
"කොහෙද බං මේ කඩාගෙන දුවන්නේ ?"
"අපි මේ ලඟකට පදිංචියට ආවා. ලඟදි අවේ. කෙනෙක් කිව්වා මේ පාරෙන් ෂොර්ට් කට් එකක් තියෙනවා කියලා අපි ඉන්න පාරට"
"කොයි හරියෙද ඉන්නේ ?"
"මහසෙන් මාවතේ"
"ඔව් මේ පාර කෙලින්ම ගියාම මහසෙන් මාවතේ මැදකට වැටෙන්නේ"
"උඹට අමතක වුනාද මම ඉන්නේ මේ පාරේ කියලා?"
"මතක් වුනේ නෑ මචං!"
"වරෙන් ගෙට. අම්මා මේ නිරුදක. මගේ කලින් ස්කෝලේ යාළුවෙක්. අපි එක වසරෙ ඉඳන් එකට හිටියේ. ඕ ලෙවල් ටියුෂන් ක්ලාස් වලදි දැක්කට පස්සේ අදයි අහම්බෙන් හම්බුනේ"
"අයියා මෙයා නේද අර ෂෙහාරි අක්කිගේ ඉස්සර. . . !!"
"ඔව් . . නංගී තමුසේ ඕපස් වෙන්නේ නැතුව කූල් ඩ්‍රින්ක් එකක් ගේනවා. ඉතිං මචං !! උඹ මේ පාරෙන්නම් හැමදාම යන්නේ දැං නිතරම වරෙන් මේ පැත්තෙත් "
"බලමු "
. . . . . . . . . .
ට්‍රීක් ටිරික් ට්‍රීක් . . . ට්‍රීක් ටිරික් ට්‍රීක් (ජංගමේ)
"හෙලෝ"
"හෙලෝ නිරුදක අයියා. මම අෂිනි . . . රෝහිත් ගේ නංගී"
"අහ් කොහොමද ? මොකෝ මේ හදිස්සියේ??"
"මම අයියාගෙන් ඉල්ල ගත්තේ නම්බර් එක. ඔයා අදත් එන්නේ අපේ පාරෙන්ද?"
"කියන්න බෑ. ඇයි?"
"මාර කම්මැලියි හලෝ. අපි හවසට බැඩ්මින්ටන් ගහමුද?"
. . . . . .
"මේ සතියෙම අපි බැඩ්මිටන් ගැහුවා. අද කැරම් ගහමු."
"හ්හ්ම්ම්ම්"
"නිරූ අයියා. . ! ඔයා තාමත් අතීතෙ ගැන දුක් වෙවී ඉන්නෙ නැතුව සතුටෙන් ඉන්න අයියා"
"මම ඉන්නේ සතුටෙන්"
"නෑ ඔයා සතුටෙන් ඉන්න බව පෙන්නන්න හදනවා"
. . . . .
ට්‍රීක් ටිරික් ට්‍රීක් . . . ට්‍රීක් ටිරික් ට්‍රීක් (ජංගමේ)
"නිරූ අයියා. මම අෂි"
"ඇයි නංගී"
"අපේ අයියයි විහඟි අක්කයි මල්ලියි එයාගේ යාළුවා තාරක මල්ලියි මාලිගාවට යනවා කියලා මටත් එන්න කිව්වා"
"ෂා හොඳයි නේ"
"ඒත් මම නොගිහින් ඉන්න කියලා. හෝම් වර්ක් වගයක් තියෙනවා කරන්න"
"මටත් රෝහිත් එන්න කිව්වා. මම තව ටිකකින් ඔය පැත්තේ එන්න යි හැදුවේ"
"නොගියොත් අයියල තරහ වෙයි නේද. මාත් ලෑස්ති වෙන්නම්"
. . . . . .
ට්‍රීක් ටිරික් ට්‍රීක් . . . ට්‍රීක් ටිරික් ට්‍රීක් (ජංගමේ)
"ඇයි අෂි"
"අපි අද වැව රවුමේ යන්න කියලා"
"හොඳයි හොඳයි. සිහිල් සුළං රැල්ලක සුවය විඳලා එන්නකෝ"
"අපි කිව්වේ ඔයයි මායි අයියෝ"
"ම් ම් ම් අප්පච්චි කාර් එකේ ගමනක් ගිහින්නේ"
"කමක් නෑ. අපේ අම්මිගේ කාර් එක තියෙනවා. ඔයා හතරට අපේ පාර ලඟ ඉන්න"
"ම් ම් ම් ම් "
"මේ වැව හරහා එන හුලඟත් එක්ක මට පාවෙලා යන්න පුළුවන්නම් කියලා හිතෙනවා නිරූ අයියා"
"වැව රවුම හැමදාම මගේ හිත පාරනවා කියල දැන දැනත් ඔයා මට මෙතනට එන්න කිව්වේ ඇයි අෂී නංගී"
"අතීතය සිහිනයක් පමනයි. ඇයි දන්නේ නැද්ද . ?"
"මම ඒ සිහිනයට ආසයි නංගී. මට ඕන ඒ සිහිනයේ හැමදාම ජීවත් වෙන්න"
"සිහිනයක් හැමදාම දකින්න බෑ නිරූ අයියා. කවදා හරි ඇහැරෙන්න ඕන"
"ඒත්"
"ඒත් . . ඒත් නෙමෙයි ඔයාව ඒ සිහිනයෙන් ඇහැරවන්න කෙනෙක් කැමති නම්"
"මම හිතන්නේ නෑ කාටවත් මාව ඒ සිහිනයෙන් ඇහැරවන්න පුළුවන් වෙයි කියලා"
. . . .
ට්‍රීක් ටිරික් ට්‍රීක් . . . ට්‍රීක් ටිරික් ට්‍රීක් (ජංගමේ)
"හෙලෝ"
"නිරූ අයියා ඔයා දන්නවාද ඔයා අපේ ගෙවල් පාරෙන් දැන් මාසයක් ම ආවේ නෑ. මීට වඩා ෂෝර්ට් කට් එකක් හම්බුනාද?"
"ම් ම් ම් මාව එසයින්මන්ට් වලට හිරවෙලා"
"එග්සෑම් එකට තව මාස හයකටත් වැඩිය තියෙනවා. හොඳයි ඔයා දැම්මම පාඩම් වැඩට බැස්ස එක."
"හ්ම්ම්ම්"
"බැඩ්මිටන් රැකට් දෙක අඬනවා අයියා. කැරම් බෝඩ් එකත් ඉන්නේ හරිම දුකෙන්"
"හ්ම් ම් ම් ම් ම්"
"වැරදිලා හරි මේ ෂෝර්ට් කට් එකෙන් ආවොත් අපේ ගෙදර බෙල් එක ගහන්න අමතක කරන්න එපා හොඳේ"

2 comments:

  1. මනුසත්, ඔයා කතා ලියන විදිය ලස්සනයි. සිද්ධි විස්තර නොකර, ඔක්කොම දෙබස් මගින්!..හරිම සජීවී බවක් දැනෙනවා. කියවන කෙනාට වෙහෙසක් නැතිව කියවගෙන යන්න පුළුවන්.

    ReplyDelete
  2. ස්තූතියි සචී. ලොකු දිරිගැන්වීමක් මට ඔබේ අදහස්.

    ReplyDelete

අදහස්