Tuesday, December 15, 2009

ගිලිහී යන්නට ඔබේ සුරතේ ඇයි මගේ මේ අතැඟිලි බැඳුනේ !



"අපේ විවාහය ලොකු වැරදීමක් මනු"

"ඔව් ලොකුම ලොකු වැරදීමක් චතූ"

"මහ ඹබා මට මොන එහෙකට මට ඔයා වගේ මිනිහෙක්ව මුනගැස්සුවද ?"

"මටත් ඔය මහ ඹබා කියන එකාගෙන් අහන්න තියෙනෙන ඔය ප්‍රශ්නේ මයි"

"අයියෝ මගේ අවාසනාව "

"මමත් ලස්සන හදවත් කීපයක් එක්ක ගනුදෙනු කරලා මොන එහෙකට ඔයා වගේ කටු අත්තක පැටළුනාද කියලා මට නම් හිතා ගන්න බෑ චතූ. අවාසනාව ඔයාගෙද මගෙද ??"

"මම ආසාවෙන් ප්‍රාර්ථනා කරපු ලස්සන සුන්දර ලෝකේ ඔයා සුනු විසුනු කරලා දැම්මා මනූ"

"අඬන්න ඕන ඔයා නෙමෙයි චතූ මමයි. ඒත් පිරිමියෙක් හින්දා කෑ ගහලා අඬන්න බැරි කමට එලියට පේන්න බොරුවට හිනා වෙලා ඉන්නවා. හිත ඇතුලෙන් මම අඬන තරමක්. . . !"

"ඔයා මට රිද්දන්න කියලා කරන දේවල් වලින් මම මැරි මැරී උපදිනවා"

"මම හැමදේම කරන්නේ ඔයාගේ ඔයාගේ සතුට ගැන හිතලා. ඒ හැම දේම ඔයා දකින්නේ ඔයාට රිද්දන්න කරන දේවල් කියලා."

"අනේ මට මැරෙන්න දෙන්න මනූ"

""මම නම් කොහොමත් මැරුණු එකෙක් චතූ. මගේ මරණයේ ගැඹුර දන්නේ, ඒ මරණයේ වේදනාව දන්නේ මම විතරයි "

. . . . . . . . . . . . . . . . . . .

මේ ගඟ මේ දුරු කතර ගෙවා

මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ . . .
. . . .
මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපිනේ
මා හද විල පතුලෙන් මතු වී
ඇයි ඔබ ආදර මල පිපුනේ
ඇයි ඔබ ආදර මල පිපුනේ . . .
. . . . .
මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ . . .
. . . . .
මේ විස කටු ගස ලඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුනේ
ගිලිහී යන්නට ඔබේ සුරතේ
ඇයි මගේ මේ අතැඟිලි බැඳුනේ
ඇයි මගේ මේ අතැඟිලි බැඳුනේ . . . .
. . . . .
මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ . . .

මහ ඹබාට සිදුවුනු ලොකු වැරදීමක් ගැන කියැවෙන මේ ගීතය මෙතනින් අහන්න

අහලා හිතුනු දේත් පොඩ්ඩක් ලියලම ගියොත් තමයි වැඩිය හොඳ.

. . . .

2 comments:

  1. අනේ බං ක්‍රමයක් නැද්ද මහ බඹාගෙන් දැනගන්න, අපිට හරියන කෙනා කව්ද කියලා........


    විහිලුවක්......

    ReplyDelete

අදහස්