Monday, February 22, 2010

ආදරයයි, කරුනාවයි, අනුකම්පාවයි . . . මා හද පාරයි . !


"ඔයා නම් මාරයි මනු "

"ඇයි ඒ"

"ඔයාට ලැජජ නැද්ද ඔය වගේ කතා කියන්න"

"ඔය වගෙ කතා කිව්වේ"

"එක කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉන්න ගමන් තව කෙල්ලෙක්ට ට්‍රයි කලා, ඒ කෙල්ල ඔයාව ඔක්කෝම ඉස්සරහා නෝන්ඩි කලා කියලා"

"ආ අයියෝ ඕක සුලු දෙයක් නේ. ඒක හැබෑවටම සිදුවුනු දෙයක් නේ. ඉතිං මොකටද ලජ්ජ වෙන්නේ"

"ඒ වුනාට අහන අය ඔයා ගැන හරි නරක විදිහට හිතයි නේ ළමයෝ"

"හරි අපි මෙහෙම කියමු. මාව ෆස්ට් ඉයර් එකේ ඉඳන් දන්න්වා වුනත් මේ සෙකන්ඩ් ඉයර් එකේ ෆස්ට් ටර්ම් එක වෙනකම්ම ඔයා මාත් එක්ක මේ විදිහට කවදාවත් කතා කරලා තියෙනවාද ?"

"නෑ. ඒ වුනත් මම ඔයා එක්ක ගොඩක් යාලුයි. ඇයි ඔයාට මතක නැද්ද මම හැමදාම ඔයා එක්ක හිනා වෙනවා"

"හිනා වෙනවා කියන එක යාලුකම මනින සාධකයක් නම් මට ඉන්නවා හිසේ කෙස් ගානට යාළුවෝ. ඇයි දකින හැම එකා එක්කම මම හිනාවෙනවා. මාව දකින් හැම එකාම මාත් එක්ක හිනා වෙනවා."

"අයියෝ. ඔයා මාර එක්කෙනෙක්. හරි ඉතිං කියන්න හදපු එක කියන්න්කෝ "

"ඕකේ. මෙච්චර කාලෙකට මාත් එක්ක කතා නොකරපු ඔයාට අද මාත් එක්ක කතා කරන්න හිතුනේ මම ඒ කතාව කිව්වට පස්සේ නේද?"

"ම් ම් ම් ඔව්"

"ඒ කියන්නේ ඔයා කැමති නරක අයටද??"

"ඇයි එහෙම අහන්නේ"

"ඒ වගේ වැඩ කරන අය නරක අය නම්, මමත් නරක කෙනෙක්. ඔයා මේ නරක එකා එක්ක කතා කලේ ඔයා නරක අයට කැමති නිසානේ?? හා නැද්ද?"

"නෑ ළමයෝ මට ඕන වුනේ අනිත් අය ඔයාව නරක ළමයෙක් කියල හිතයි කියලා ඒ වගේ කතා කියන්න එපා කියන්නයි."

"නෑ මට විස්වාසයි අනිත් අය මම නරක ළමයෙක් කියල හිතන්නේ නැති බව"

"ඔයා කොහොමද එහෙම විස්වාසෙටම එහෙම කියන්නේ"

"හරි කියන්න බලන්න, ඔයාලගේ සෙට් එකේ කීදෙනෙක් කියනවද මම නරක ළමයෙක් කියල??? "
"අනේ නෑ හැමෝම ඔයා ගැන හොඳ කියනවා මිසක් කිසි කෙනෙක් නරකක් කියනෙන නෑ. ඒ තියා අර මල හෝන්තුව, අංජනා ! ඔයා ව දැක්ක ගමන් සලිත වෙලා දුවගෙන ඇවිත් ඔයාගේ මුලු ඇඟම අතගගා කතා කරන එක ගැනවත් අපි ඒ හෝන්තුවට බනිනව මිසක් ඔයාට බනින්නේ නෑ."

"ඒකනේ ඉතින් ඔය සෙට් එකේ අය මම ගැන එහෙම නරක විදිහට නොහිතන්නේ මම ඕපන් එකේ කියන්න හිතෙන දේ කියන නිසා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?"

"ම් ම් ඒක නම් එහෙමයි කියලා මටත් හිතෙනවා, මොනා වුනත් පරන කෙල්ලන්ගේ ස්ටෝරි අනිත් දවසේ නොකියා ඉන්න"

(මල කෙලියයි, මෙයා මොකාටද මේ එන්න හදන්නේ ???)

. . . . . . . . . . . . . . . . .

"මනු, අද මම ඔයාටත් එකක් ලන්ච් ගෙනාවා. අපි දෙන්න විතරක් අර ලයිබ්‍රරි එක ලඟ තියෙන කොස් ගහ යට හදපු බෙන්ච් එකට ගිහින් කෑවොත් ඔයාගේ සෙට් එකේ අය මොනාවත් හිතයි ද? ඔයා එනවද??"

"ඉන්නකෝ . . මචංලා මචීලා මේ මම අද නිෂාලි එක්ක කොස් ගහ යටට යනෝ දවල්ට කන්න"

"අඩෝ අඩෝ උඹට විශේෂ කෑම වගේ. අපි ඔටුවෝද. අපිටත් ඕන කෑමක් දිරවනවා හරිය."

"අහ් අහ් නිෂා උඹ එතෙන්න හදන්නේ ලස්සන මල් ගහක කියලද හිතන්නේ. උඹට වැරදිලා කෙල්ලේ ඕක කටු ඉඹුල . . හී හී "

"අපෝ උඹලා නම් මහා කැත හිත් තියෙන මනුස්ස කමක් අඳුනන්නේ නැති මහ අමන අමනියෝ ටිකක්. ඕ පූ. මෙන්න අපි යනෝ "

"නිෂා, ගනන් ගන්න එපා අපේ උන් කියන ඒවා. දන්නවනේ උන්ගේ කටවල්"

"අපේ අපේ සෙට් එකේ උන් කියන ඒවා ඔයිට හපන්"

"උන්ට මේ නිකම් යාලුකමක් අඳුන වත් බැරි හැටි"

"ඒත් මම නම් කැමතියි ඒ විහිළු වලට"

"අපෝ එකෙන් ඔයාගේ නමට හොඳ නෑ නේ. ඔයා ගේ තාත්තා දැනගත්තොත් ඔයාට කස්ටිය මෙහෙම විහිලු කරනවා කියලා , ඔයාලගේ තාත්ත උගන්වන සබ්ජෙක්ට් එකට මට සොරි ඩොට් කොම් වෙනවා"

"නෑ අනේ අපේ තාත්තා එච්චර නපුරු ලෙක්චරර් කෙනෙක් නෙමෙයි"

"මොනා වුනත් එහෙම දෙයක් නැති එකේ නිකම් බොරුවට ඔයාට පද හදා ගන්න ඕන නෑ නේ "

"ම් ම් ම් ම්ම් ම් හ් හ් හ්හ් හ් "

. . . . .. . . . .. . . .. . . . .. . . .

"මනූ, මම ඔයාට කොහොම ස්තූති කරන්නද"

"නෑ ඔයා මට ස්තූති කරන්න ඕන නෑ"

"ඇයි නැත්තේ. ඔයා මගේ ජීවිතේට සතුට ගෙනවා. දන්න කාලේ ඉඳන්, ජීවිතේ තේරෙන කාලේ ඉඳන්, හැම උදේ ඉඳන් රෑ නින්දට යනකම්ම දුක් වෙවී, මට හිනා වෙන්න නොදෙන ඉඩ නොදෙන අයට වෛර කර කර හිටි මට, හිනා වෙන හැටි ඉගැන්නුවේ ඔයයි. ඒකට මම ඔයාට ණයගැතීයි"

"ජීවිතේ තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙමෙයි නංගී. මාත් කාලයක් ජීවිතේ විඳෝ විඳෝ හිටි කෙනෙක්. ඒකෙන් මිදුනේ මේ බොහෝම ලඟකදී. ඒත් තාමත් ඉඳ හිට ඒ අතීතයේ වේදනාව මාව නොමරා මරනවා නිෂා"

"අනේ ඔයා ව දැක්කාම නිකමට වත් හිතුවේ නෑ ඔයා එහෙම දුකකින් ඉන්න කෙනෙක් කියලා"

"ඒත් ඔයාව නම් මම දැක්ක දවස් වලම හිතුවා ඔයා ඉන්නේ ලොකු ප්‍රෙෂර් එකක කියලා. ඒත් මම හිතුවේ තාත්තා ලෙක්චරර් කෙනෙක් නිසා තද නීති රීති වලට යට වෙලා ඉන්නවා ඇති කියලා, තාම මට හිතා ගන්න බැරි ඇයි ඔයාගේ අම්මා ඔයාට එහෙම කරන්නේ කියලා"

"ඔයා කිව්වා වගේ සමහර විට අම්මා තරුන කාලේ එයාගේ ගෙදර අය එයාට දුන්නු කරදර, නිදහස සීමා කිරීම, ආදරේ කරන්න ඉඩ නොදීම වගේ දේවල් වලට එයා හිතන්න ඇති පලි ගන්න හොඳම කෙනා මම කියලා. ඒත් මම දැං අම්මට වෛර කරන්නේ නෑ. මම දැන් හරිම සැහැල්ලුවෙන් අම්මා මට දෙන කරදර විඳ ගන්නේ. ඒකයි මම කිව්වේ ඔය තමයි මගේ ජීවිතට සතුට ගෙනවේ ඒකට මම ණයගැතී කියලා"

"මොනා වුනත් ඔය හැම වීක් එන්ඩ් එකකම ඔයා බුලත් හෙප්පුව අල්ලන ඩොක්ටර් කෙනෙක් හරි ඉංජිනියර් කෙනෙක් හරි හිතට ඇල්ලුවොත් බහ් ගාලා හා කියන්නේ නැතුව, කැමතියි වගේ පෙන්නලා එයා ගැන හොයලා බලලා හොඳ කෙනෙක් නම් බැඳ ගන්න. වෙලාවකට මට නම් හිතෙනවා, එතකොට ඔයාගේ ජීවිතේ ඔයිට වඩා සුන්දර වෙයි කියලා"

"මම හිතන්නේ නෑ මගේ හිත නම් ඔය මාව බලන්න එන ඔය එකෙක් ගාව වත් නතර වෙයි කියලා මනූ . .. "

. . . . .. . . . .. . . . .. . . . .

"මනු, සිරාවට කියපන්. උඹයි නිෂාලියි අතරේ මොනා හරි එකක් තියෙනවාද???"

"ඔව් ඉරේෂි"

"මම හිතුවා. මම ඒත් රුෂානි අක්කටත් කිව්වා මුන් දෙන්නගේ මොනා හරි තියෙනවා ඇති කියලා. ඒත් කොල්ලෝ උඹ ඒ අදහස හිතින් අත්හැර ගනින්"

"ඇයි ඒ"

"මම හොඳටම දන්නවා වික්‍රමසිංහ සර් ගැනයි, එයාගේ වයිෆ් ගැනයි. එයාලා කීයටවත් උඹ වගේ එකෙකුට නිෂාලි ව දෙන්නේ නෑ බං. මට දුකයි උඹට දුකක් විඳින්න වෙයි කියලා. උඹ මේ එක ලව් එකක් හින්දා විඳෝන තරම මදිද කොල්ලෝ. . "

"නේ මැට්ටි, තෝ ඇහුවේ මොකක් හරි තියෙනවාද කියලානේ. ඔව් මොනා හරි තියෙනවා! නිකම් යාළු කමක්. නැතුව වෙන කිසි දෙයක් නෑ බං."

"අන්න එහෙම වරෙන් මල්ලී. අපි කිව්වේ උඹේ හොඳට. අපි දන්නවනේ උඹ පිස්සා වගේ හිටියට, පොල්කිච්චා වගේ හිනා වෙවී හිටියට, උඹ හිනාවෙන්නේ අඩන්න බැරි කමටයි කියලා. ඉතිං අපි කවුරුත් කැමති නෑ උඹ ආයෙත් අමාරුවේ වටෙනවා බලන්න"

"හරි හරි ඩාලිං, මම දන්නවනේ උඹල මට කොච්චර ආදරේද කියලා"

. . . . . .. . . . .

"මනු, ඇත්තද මේ ගිහානුයි, ගංගුයි, අමායි කියන ඒවා??"

"මොනාද නිෂා උන් කියන්නේ?"

"ඔයා මට ක්‍රෂ් ලු, කියා ගන්න බැරුව ඉනන්ව ලු"

"අයියෝ, ඔය තුන්කට්ටුව කිව්වොත් කියන්නේ කෙබරයක්මයි. ඔයා අහුවුනාද උන්ට??? ඕකුන් මටත් ඔහොම්ම කිව්වා ඔයා ගන. මම බැනලා එලෝ ගත්තා"

"ඒත් ඒක එහෙම වෙනවා නම් . . . !"

"අපි හොඳ යාළුවෝ නිෂා"

"අපිට යාලුවන්ට වැඩිය වෙන කවුරුවත් වෙන්න බැරිද මනූ"

"ඔයා හිතනවාද ඒක එහෙම වෙන්න පුලුවන් පොසිබිලිටීස් තියෙනවා කියලා?? නැතත් මට ඔයා ගේ ජීවිත කතාව ඇහුවාම අති වුනේ අනුකම්පාවක් නිෂා. අනුකම්පාවයි ආදරෙයි අතරේ ලොකු වෙනසක් තියෙනවා"

"අනේ . . . .. !"

10 comments:

  1. පහුගිය කාලේ මගේ ව්‍යාපාරික වැඩ වගයක් නිසා කිසිම නිදහසක් තිබුනේ නෑ බ්ලොග් ලියන්න. ඉන්ටර්නෙට් යූස් කලේ ඊමේල් සඳහා පමයි කීවොත් හරි. ෆේස්බුක් වත් ලොග් වෙන්න බැරිවුනා.

    සමාවෙන්න පෝස්ට් දාන්න පරක්කු වුනාට.

    ReplyDelete
  2. Ayyo thought this is gonna be end on finally they live happily ever after.., but, does not. however story was amazing n i luv't...!

    ReplyDelete
  3. කරුණාවද?
    කරුනාවද?

    /බිඟුවා...!

    ReplyDelete
  4. @LishWish!
    No way dude, don’t expect always all the stories will end up with “happily ever after” coz as far as I know most of them end up as disasters.
    What to do man ! "love is always hurt" and here in this story, it’s just 50% of love which came from her side not from my side (lol)

    Anyway tnx machan for ur comment.

    ReplyDelete
  5. @බිඟුවා...!!
    අනේ මචං මම ඔය න ණ ල ළ හරියටම යොදන්න දන්න එකෙක් නෙමෙයි. ඒකෙන් කතාවේ අන්තර්ගතයට හානියක් වෙනවද මචං. එහෙමනම් මම කාගෙන් හරි අහගෙන ඒක හදන්නම්. ස්තූතියි

    ReplyDelete
  6. great, there is a big diference in between passion and compassion. Thanks for the post. :D

    ReplyDelete
  7. ගොඩක් කාලෙකින් post එකක් දැක්කේ නැති නිසා අපි නම් හිතුවේ ලියන එක නවත්තලා කියලා...
    හොඳයි හොඳයි. දිගටම ලියන්න. මනුසත් ගේ මේ ශෛලියට මම හරි කැමතියි. කම්මැලි නැතිව කියවන්න පුළුවන්.
    බිඟුවා මතු කරපු නිසා කියන්නම්. හරි වචනය 'කරුණාව'.

    ReplyDelete
  8. @දුකා !
    Tnx ayyaa.

    @Mark !
    Tnx for ur cmment machan.

    @චමි.දේ.වා. !
    Tnx machan

    @සචී!
    ස්තූතියි සචී. අනෙක් පාර න, ණ ල, ළ වැරදි අඩුවෙන් කරන්න උත්සාහ ගන්නම්.
    ව්‍යාපාරික වැඩ වලට හිර වුනාම ලියන්න වෙලාවක් හදා ගන්න අමාරුවෙනවා. ඒත් නොලිය ඉන්නේ නම් නෑ. හකි සේම වෙලාවෙම ලියන්න තමයි අදහස.
    බොහෝම වටිනවා මේ අගය කිරීම්.

    ReplyDelete

අදහස්