
"මනු, උඹ අද උඹේ ෂොප් එක පැත්තේ එනවාද?"
"ඇයි මචං. එන්න ඕන. මොකද සීන් එක ෂොප් එකේ ප්‍රශ්නයක්ද?"
"නෑ නෑ එහෙම එකක් නෙමෙයි. මගේ යාලුවෙකුගෙන් කරදරේ උඹව මීට් වෙන්න ඕන කියලා"
"ඒ මොනාටද විසල්, කචල් කේස් එකක්ද ?"
"උඹ වරෙන්කෝ ආවහම කියන්නම් "
. . . . .. . . .. .
"මචං මේ චන්දන, අපේ ගෙවල් ගාව කොල්ලෙක්"
"හලෝ මල්ලී"
"හරිම සතුටුයි ඔයා එක්ක කතා කරන්න ලැබුනට මිස්ටර් මනු"
"දැං මොකටද මාව මීට් වෙන්න හිටියේ."
"අනේ මචං මෙයා දන්නවා උබට ගොඩක් කන්ටෑක්ස් තියෙනවා කියලා, ඒක නිසා මුගෙන් හරි කරදරේ උඹට කියලා මොනා හරි ජොබ් එකක් සෙට් කරලා දෙන්න කියලා."
"කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවාද මල්ලී"
"මම O/L වෙනකම් ඉගෙන ගත්තා මිස්ටර් මනු"
"එච්චරද"
"ඔව් බං, මූ ගෙදරින් සල්ලි උස්සලා කොල්ලෝ එක්ක කට්ටි පැන්න මිසක් වෙන කිසි දෙයක් ඉගෙන ගත්තේ නෑ. හැබැයි මූට ඉංග්ලිශ් ටිකක් පුලුවන්"
"ම් ම් ම් ක්‍රෙස්කැට් එකේයි, එම්.සී එකෙයි ෂොප්ස් තියෙන මගේ යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා. මම උන්ට කතා කරලා බලනන්ම්"
"අනේ ඒ වගේ තැනක අතුගාන්න හරි කමක් නෑ මිස්ටර් මනු මට රස්සාවක් හොයලා දෙන්න. අක්කටයි නංගිටයි ඉගෙන ගන්න උදව් කරන්න ඕන මට. ලොකු පිනක් මොනා හරි ජොබ් එකක් හොයලා දුන්නොත්."
"මට ඔය මිස්ටර් කෑල්ල ඕන නෑ. මනු කියන්න නැත්නම් මචං කියන්න ඒත් බැරි නම් අයියා කියන්න."
"හරි මනු අයියා"
. . . . .. . . . .. . . .. . . ..
"අවිනාෂ්. අර මම කියපු පනිවිඩේ ගැන මොකෝ කියන්නේ."
"මොන වැඩේද බං"
"අර මම කියපු කොල්ලාට උඹේ ෂොප් එකේ ජොබ් එක දෙන වැඩේ බං"
"මචං මෙහෙමයි. මම මැනේජ් කලාට තාත්තගේ බිස්නස් එකනේ බන්. අපි සේල්ස් වලට කවුරුහරි ගන්න කොට 50,000ක බොන්ඩ් එකක් ගන්නවා මචං. ඒක අපේ පොලිසි එක"
"ආ ඒකට කමක් නෑ අවි"
"ඒ වුනාට උඹ කියපු විදිහට ඌට 50,000ක් දෙන්න සල්ලි නෑ නේද?"
"ඌ අක්කටයි නංගිටයි උගන්වන්න ලුනේ බං ජොබක් හොයන්නේ. අපි ක්ලබින් ගිහින් කොච්චර නාස්ති කරනවාද. එහෙව් එකේ මේ 50,000 මම දෙන්නම් මචං. පිංඅතේ වැඩක් නේ."
"උඹට ෂුවර් ද මේකා කව්ද කියලාවත්? නරකද පොඩ්ඩක් හොයලා බැලුවොත් 50,000 ක් දීලා ජොබක් දෙන්න කලින්"
"මගේ ෂොප් එක තියෙන බිල්ඩිං එක අයිතිකාරයාගේ යාලුවෙක් බං. ඌ හොඳ එකෙක් වෙන්න අති"
. . . .. . . .. . . . .. . .. . .. .
ට්‍රීක් ටිරික් ට්‍රීක් . . . ට්‍රීක් ටිරික් ට්‍රීක්
"ඔව් අවිනාෂ් කියන්න"
"මනු උඹ අද හවස ෆ්‍රී ද? මට උඹට ටිකක් කතා කරන්න ඕන."
"මොකෝ හදිස්සිය"
"හදිස්සියක් ම නෑ නැත්තෙත් නෑ "
"හරි එහෙනම්, අද රෑට ග්‍රීන්ලන්ඩ්ස් යමුද?? කාලෙකින් ඉංඩියන් කෑමක් කෑවේ නෑ"
"හරි එහෙනම් සෙවෙන් තර්ටි, ග්‍රීන්ලන්ඩ්ස් ඕකේ.?"
"see yaa . . "
. . . . . . . . . . . . . . . . . . . .
"මචං අරූ උඹේ හෙන ෆිට් එකක් ද දැං?"
"කවුද?
"අර උඹ මගේ ෂොප් එකට වැඩට දාපු එකා"
"නෑ එහෙම ෆිට් එකක් නෑ."
"දැං ඌ මාස 6කට වඩා වැඩ කලානේ, ඌ උඹේ අර 50,000 දුන්නාද?"
"නෑ මචං. දෙපාරක් විතර කිව්වා අක්කගේ එග්සෑම් වලට සල්ලි දෙන්න වුනු නිසා පස්සේ දෙන්නම් කියලා. මමත් ඒක ගැන වැඩිය හිතුවේ නෑ. ඇයි"
"ඌ මචං අක්කලට ඉගෙන ගන්න වියදම් කරන පාටක් නෑ. මේ මාස ගානට හම්බු කරපුව වගේ දෙගුනෙකටත් වැඩිය ඌ ඇඳුම්, සපත්තු, සංග්ලස් වලට වියදම් කරලා තියෙනවා. අපි වත් ඔහොම වියදම් කරන්නේ නෑ බන්"
"පවුනේ බන්, තරුණ වයසනේ, ලස්සනට අඳින්න කවුරුත් ආසයිනේ බං."
"ඒ වුනත් ලැබෙන ගාන මැනේජ් කර ගන්න දැනගන්න එපැයි. ඌ මගේ කොල්ලෝ කීප දෙනෙක්ගෙන්ම නයටත් අරගෙන තියෙනවා හෙන ගානක්"
"අහ් ඒක නම් හරි නෑ තමයි"
"අනික ඌ නිකම් කතා කරන්නේ උඹ උගේ හෙන බොක්ක ක් වගේළු. උඹත් එක්ක නයිට් කල්බ් හිටන් බහිනව කියලා මගේ කොල්ලන්ට කියලා"
"මම වගේ චාටර් පොරවලුත් ඌට පොරවල් වගේ දැනෙනවා ඇති මචං. මම විසල්ලගේ සෙට් එකත් එක්ක සෙට් වෙච්ච වෙලාවක මූ බලෙන්ම ඇවිත් ප්ලුග් වුනා එක පාරක් නම්. ඌ හිතන්න ඇති මගේ යාලුවෙක් කිව්වම ඌට උඹේ කොල්ලෝ වැඩිපුර සලකයි කියලා"
"ඔව් ඔව් මගේ කොල්ලෝ ඌට සලකන්න තම්යි ඉන්නේ වෙලාවක"
"ඒ මොකෝ"
"උඹ දන්නවනේ මගේ ෂොප් එකේ කොල්ලේ උඹට හෙන ආදරෙයි කියලා. උඹ උන් හැම එකා එක්කම හොඳින් කතා බහ කරනවා. උන්ගේ මොනා හරි ප්‍රශ්නයක් තිබ්බත් උන් ගැන කතා කරවා කියලා උන් දන්නවා"
"ඔව් මම දනන්වා උන් මට ආදරෙයි කියලා"
"අරූ උඹ ගැන මොනා හරි අප්සට් කතා වගයක් කියලා මගේ කොල්ලන්ට"
"මුගේ අම්!@#$%^ . . ඒ මොනාද?"
"නෑ නෑ උඹ කලබල වෙන්න එපා. උඹේ පොඩි අයියාගේ ෆියැන්සේ කලින් කොල්ලෝ දෙන්නෙක් එක්ක යාලු වෙලා හිටියලු, උඹේ සුදු නංගිගේ සීන් එකට ගෙදරින් කැමති නැත්තේ උඹල පහතරට කට්ටිය නිසාලු . . ඔන්න ඔය වගේ අර ගම් වල ගෑනු කියන ජාතියේ ගොං කතා වගයක් කියලා"
"ෂිහ් උඹේ ෂොප් එකේ කොල්ලෝ මොනා හිතනවද දන්නේ නෑ"
"අපෝ මගේ කොල්ලෝ ඌ වගේ ගං කබරයෝ නෙමෙයි. ගම් වලින් ආව උන් වුනත් යමක් කමක් තේරෙන උගත් කොල්ලෝ. උන්ට මල පැනලා අරූට නෙලන්න ඉන්නේ වෙලාවක් කට්ටියම"
"එහෙම කරන්න දෙන්න එපා බං. පවුනේ මොනා වුනත්. මෝඩ කමනේ"
"මොකෝ කියන්නේ මනු, මම ඌව ජොබ් එකෙන් අයින් කරන්නද??"
"අනේ එහෙම කරන්න එපා බං. ඌ ඇඳලා කරලා තව ශෝ එක වුනත් දාන්නේ ජොබ් එක නිසානේ, ඌට උගේ ආතල් එක ගන්න දීපන් බං. ඌ මොනා කිවත් මට මොකෝ.
"උඹ දන්නවාද මනු. ඕකට කියන්නේ බල්ලොත් එක්ක නිදා ගත්තාම නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක කියලා"
"හ්හ්හ්ම්ම්ම්ම්"
මෙහෙම අය ඉන්නවා. මම දන්න මගේ යාළුවෙකුට ඔයිට සමාන වැඩක් මේ ළඟදි වුණා. එයා දන්න කියන කෙනෙකුට රස්සාවක් අරන් දෙන්න telephone calls බර ගාණක් පාවිච්චි කරලා, තමන්ගෙ යාලුවො හරහා අර මනුස්සයට ජොබ් එක සෙට් කරන්න සෑහෙන්න මහන්සි වෙලා. මෙයා ගිය සතියෙ දන්නෙ, ඒ පුද්ගලයා ඒ ජොබ් එකට යන්න පටන් අරන් දැන් මාසයක් විතර වෙනවා කියලා. ඒ දැන ගත්තෙත් අර තමන්ගෙ යාළුවා හරහා..! අර උදව්ව ලබාගත්ත එකා ස්තුති කරනවා තියා මෙයාට නිකමට call එකක්වත් දීලා නැහැ. ඔන්න අද රටේ තත්ත්වය...
ReplyDeleteඅප්පා කැත සිද්දිය.., මේ වගේ එවුන්ට උදවු කරනවට වඩා හොඳයි අර දීපු සල්ලි වලින් බලු කපුටු දානයක් වත් දුන්න නං..!!!
ReplyDeleteහැබැයි ඉතින් මචං. පව් වලටත් සීමාවක් තියෙනවා..
ReplyDeleteමිනිස්සු විවිධාකාරයි . . ලෝකය ගෝලාකාරයි.
ReplyDeleteමේ මගේ ලිපියකට ලැබුනු කමෙන්ට් එකක්
හ්හ්හ්ම්ම්ම්ම් kiyalama hari yanne nati weyi
ReplyDeleteහප්පා.. ඔහොම කට්ටිය ඉන්නවා සැහෙන්න..!
ReplyDeleteඔය වගේ අය ඕනෙ තරම් ඉන්නවා....කන්න දුන්න අත හපාකන...හැබැයි ඉතින් ඕවා හැමෝටම හොද පාඩම්ලු
ReplyDeleteවහළට නැංඟට පස්සෙ ඉණිමගට පයින් ගහන අය ඕනෑතරම් මේ සමාජයේ ඉන්නව, මචං...
ReplyDeleteඋන්ට ඉණිමග ගැන ආයෙත් මතක් වෙන්නේ වහළෙන් බැහැගන්න බැරිවුණාම විතරයි …
මනු, අද තමයි ඔයගෙ profile එක හරහා ඇවිත් කල්පනාවෙන් මනුසත් උයන බැලුවෙ, බල්ල නම් කැතයී.. ඒත් කතාව නම් නියමයි..
ReplyDeleteකලහම ඔහොමයි නොකල නම් එහෙම කියනවා ඔච්චර පුළුවන් කම තිබිලත් කලේ නැහැ හරියනවට් ඉරිසියාවේ කියලා
ReplyDeleteචේජනා - ඔය රෑපේ ඉන්නේ ගිය අවුරැද්දේ ලෝකෙ කැතම බල්ල විදිහට තේරැණ බල්ලා. නම රස්ටිද කොහෙදෝ.:P
ReplyDeleteමෙහෙම කස්ටිය ඉන්නවා නම් ඉතින් ලංකාවේ නම් වැඩි කල් ඉන්න බෑ යහතින්. අද අන්තර්ජාලේ හැටි දැක්කම ඉතුරුවා ගැන කියන්න දෙයක් නෑනේ :D
ReplyDeleteඔයා බිස්නස් කරන කෙනෙක් නම් ඉතින් දන්නවානෙ හැමදාම පාඩුත් නැහැ, හැමදාම ලාබත් නැහැ. මනුස්සයෙකුට උදව්වක් කරලා පසුතැවෙන එක නම් තෙරුමක් නැහැ. මට හිතෙන හැටියට ඔයගෙ හිතෙ පසුතැවිමකුත් නැහැ වගෙයි. අපි හිනාවෙලා මෙව බාරගන්න ඔනා. මෙ වගෙ මිනිස්සුන්ට වැඩි පැවැත්මක් නැහැ. නිකම් ප්‍රතික්ෂෙප වෙනවා. අනික මෙවගෙ මිනිස්සු හින්දා අපිට යමක් නැති වෙනවානම් එහෙම උන එක හොදයි කියන හැගිම මගෙ තියන්නෙ.මම කැමති නැහැ "බල්ලොත් එක්ක නිදාගෙන මැක්කොත් එක්ක නැගිටිනවවා" කියන මෙ මනුස්සයා මොඩයෙක් උනත් ඔයාට හොදකුයි, නරකකුයි කරලා අන්තිමට අයින්වෙන්නෙ...
ReplyDeleteමෙ ඔයගෙ පුද්ගලික ජිවිතෙන් කොටසක් වගෙ.. මම හරිද...මම මිට මාස කිපයකට කලින් මෙ පැත්තෙ ආවා...
@සචී !
ReplyDeleteඔව් සචී, අද සමාජයේ මේ වෑඅ අය ගොඩක් ඉන්නවා. ඒත් අපි කොහොමෙයි හරියටම අඳුන ගන්නේ. කොස් ගෙඩියක් දෙල් ගෙඩියක් නම් හාරල් බලන්න පුලුවන්. ඒත් මිනිස්සු???
@LishWish !
ඒක නම් ඇත්ත මචං ඒත් එහෙමයි කියල අපිට හැකි පමනඉන් කෙනෙකුට උදව් කරන එක නොකර ඉන්න පුලුවන්ද??
@මිස්සක !
තමන්ගේ මට්ටම් තම්මට්ටම් කියනවානේ මචන්. ඒ අයටම තේරෙයි නේ කවදා හරි දවසක.
@දුකා !
ඒක නම් ඇත්ත අයියා. විවිධාකාර අය එක්ක විවිධාකාරයෙන් ජීවත්වෙන්න හුරු වෙන එක තමයි අපහසු
@බිඟුවා!
ReplyDeleteඔව් මචන් ඒත් එහෙමයි කියලා මිනිස්සු නැති පලාතක ජීවත් වෙනන්ද අප්පා??
@මලී!
ඒක ඇත්ත මලී. ඒ අතරෙම හොඳ අයත් එපමනටම ඉන්න නිසා අවුලක් නෑ නේද?
@දිල් !
ඇත්ත ඒත් පාඩම් කියලා කාටවත් උදව් නොකර ඉන්න එක නෙමයි කල යුතු. මනුස්සයා අමුනුස්සයා හොයාගෙන උදව් කිරීම
@සංසරසිඳු!
ඒ වෙලාවට අපිට පුලුවන් වෙන්න ඕන රිදෙන්න දෙකක් දීලා පාඩමක් උගන්වලාම බහින්න උදව් කරන්න.
@චේජනා!
ඔව් චේජනා, මම කාලෙක ඉඳ ලියනවා. ඊටත් වඩා කාලයක් ඉඳන් කියවනවා. අනෙක් අයගේ අඩවිවල කමෙන්ට් දාන්න වෙලාවක් නැති එක තමයි ප්‍රශ්නේ.
බලන්න මගේ අඩවියෙත් තිස්ස අයියගේ එකේ වගේ හොයන්න අමාරු සිංදු දෙක තුනක් තියෙන්වා. (හද ගී පොත දැක්කේ මේවා දාලා කාලේකට පස්සේ හැබැයි ) තව ජීවිත පොතේ ලියවුනු කතා දෙක තුනකුත් තියෙනවා. වෙලාවක් තිබුනොත් බලන්නකෝ
@ම!
ReplyDeleteඒකනේ මචන්, උදව් කරන්න පුලුවන් තත්වයේ ඉන්න අයට වෙලාවකට වෙන්නේ දත් තිස්දෙක මැද්දේ ඉන්න දිව වගේ ජීවත් වෙන්න.
@මිස්සක!
මම නම් ගූගල් එකෙන් හොයා ගත්තේ. ස්තූතියි මචන් විස්තරේට.
@sithija!
නෑ නෑ මචං, හැමෝම මෙහෙම අය නෙමයි. හැබැයි සමාජයෙන් 50ට 50ක් ඉනෙනේ මේ වගේ අය (මගේ අත්දැකීම් වලට අනුව නම්)
@රවා!
ඔව් මචන්, මම නම් ඕවා ගනන් ගන්නෙ නෑ. මෙහෙම වුනයි කියලා මම මට හැකි පමනින් අනෙක් අයට උදව් කරන එක නතර කරන්නෙත් නෑ. මගේ අය කියන්නේ පාඩම් ඉගෙන ගන්නෙ නෑ කියලා. ඒත් මට එහෙම කරන්න තරම් (උදව් නොකර ඉන්න තරම්) හිත දැඩි කර ගන්න බෑ.
අහ් ඔව් මචෝ මම කලිනුත් දැක්කා උඹේ කමෙන්ට්. ස්තූතියි මචෝ. ඒ අතරෙම සමාවෙන උඹලගේ අඩවි වල නිතර මට කමෙන්ට් කරන්න බැරි වෙන එක ගැන.
මනුසත්ගේ... මනුස්සකම ගැන ආඩම්බරයි...හුඟක්.
ReplyDeleteහැමෝම ඔය කෝණයෙන්, ජීවිතය දිහා බලන්නේ නෑ.
අමිහිරි සිදුවිම් වලින්..නොසැලි, තමන් සතු ගුණධර්ම, එකසේ..ඉදිරියටත් ගෙන යන්න...ඔබට සුභ පැතුම්.
මනුසත්ව හදුනා ගන්නට ලැබීම සතුටක්.
මොකද මනුස්සකම ඔයා අද මොනව හරි එකතු කරලා. කො මෙතනට ආපුහාම නැහැ.. එක.. කො ඇයි ගත්තෙ...
ReplyDelete@රවා!
ReplyDeleteම් ම් මට තේරුනේ නෑ රවා හරියටම.මම බගෙට ලියපු ලිපියක් වැරදීමකින් Publich වුනා ඒක මම Draft එකක් විදිහට Save කලා ඒක ගැනද දන්නේ නෑ ඔයා කියන්නේ.
@නිල් අහස!
ReplyDeleteස්තූතියි හරිම වටින දිරි ගැන්වීමක් ජීවිතයට
කාලෙකින් දැක්කෙ නැහැ මනුසත් උයනෙ දි .... ඔව් එදා එහෙමදෙයක් තමයි වෙලා තිබුනෙ..
ReplyDeleteMANUSATH LIYALAA NAEHAE GODAAK KAALEKIN
ReplyDeleteමනුසත් දැක්කොත් සටහනක් දාන්න, මොකද මුකුත් ලියන්නෙ නැත්තෙ.. thushara.ravindra@gmail.com
ReplyDelete