Saturday, June 11, 2011

සදාදරණීය රමණීය මරණය.




සීතලම සීතල මරණය
සදාදරණීය රමණීය මරණය
මා කෙතරම් ඔබට පෙම්කරනවාද යන්න
ඔබ දනී නම්

මිනී මලේ දම් පැහැය රැඳුනු
දම්පාට සුන්දර මරණය
ඔබ මට කෙතරම් ඇවැසිදැයි
ඔබ දන්නවනම්

හර්දයේ එක් අඩක්
ජීවිතය ඉල්ලා කෑ ගසන හඬ
යටපත්වෙන තරමට අනෙක් අඩ
මරණය ඉල්ලා කෑ ගසන හඬ
ඔබට ඇසෙනවානම්

අයිස් කුට්ටියක් මෙන් සීතල
නුඹ දෑතේ ස්පර්ශය
මගේ දෑත් හා ස්පර්ශවෙන තුරු
මගේ ආත්මය කෙතරම්
පාරමී පුරනවාදැයි ඔබට හැඟෙනවානම්

හෙට පමා වැඩී අදම
ඔව් අදම ඔබ එනවානම්
මා ප්‍රේමයෙන් ඔබේ ගෙලේ වැලඳ
ඔබ තුරුලේ සැතපෙන්නට
නොඉවසිලිමත් බව
මෙසේ ඔබට දන්වා සිටින්නම්.

5 comments:

  1. මැරෙන බව දැනගෙන ඒ අනුව ජීවත් වෙන්න.
    ඒත් මරණයට අඩගසන්න එපා.
    එන වෙලාවක එන්න අරින්න.

    ReplyDelete
  2. මනුසත්
    ජොලියේ ඉන්න කැමති පිස්සු බුවෙක් කියන කථාද මේ.......... :)

    ReplyDelete
  3. නිල් අහස - මැරෙන බව දැනගෙන ඒ අනුව ජීවත් වෙන්න උත්සාහ කරලා ඒක කරන්න අමාරු නම් මරණයට අඬගසා එන්න කීම වැරැද්දක්ද මචන්

    RanDil - ජොලියේ ඉන්න කැමති පිස්සු බුවෙක් ට ජීව්ත් වීමෙන් බලාපොරොත්තුවෙන ජොලිය නොලැබෙනවනම් වෙන විකල්පයක් තියෙනවද?

    දෙන්නටම ස්තූතියි අදහස් දැක්වීම ගැන

    ReplyDelete
  4. ගොඩක් ආදරෙ කරන්නෙ ගොඩක් ලොකු වෛරයක් හංග ගෙන.. මරණයත් එ වගෙ තමයි... මිනිස්සුන්ගෙ හිත්, මිනිස්සු තමයි මම ඉගෙනගත්තු වටිනාම දෙ එතනින් මෙහා තමයි අනිත් සියල්ල.. සමහර අයට ලොකු ලොකු කොම්පැනි වල ලොකු ලොකු මහත්වරු වෙන්න ටාර්ගර්ට්, හොද ගෙයක් හදන්න, හොද වාහනයක් ගන්න එක ලොකු ටාර්ගට්...
    එත් සමහරුන්ට හුස්ම ගන්න එක... කඩමලු දවටන් ජිවත් වෙන එකත් ලොකු ටාර්ගට්.

    ReplyDelete
  5. මරණය ඔය හිතන තරම්
    රමණීය නොවන බැව් ඔබ දනී නම්

    යලි කෙදිනක මිනිසත් බව ලැබේ දැයි
    මරණය වත් නොදනින බව ඔබ දනී නම්

    ඔබේ ජීවත් වීම ඔබට තරම්
    අන් කිසිවෙකුට නොවටිනා බැව්
    ඔබ තේරුම් ගනී නම්

    නොපතනු ඇත මරණය
    ඔබේ හැම පැනයම
    ඔබම විසඳනා තුරුම එහෙනම්....

    ReplyDelete

අදහස්